මලල ක්‍රීඩා කණිෂ්ඨයින් සුපිරි දක්ෂතා අතරට

සිව්වැනි දකුණු ආසියා කණිෂ්ඨ මලල ක්‍රීඩ උලෙලේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත්විය.

දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඊයේ (11) ආරම්භ වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා සමත් වුණු අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ සංසලා හිමාෂිනී සමත්වූවාය.

පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත්වු ණු අතර පිරිම් මීටර් 100 අවසන් තරගයට සහභාගී වූ මෙරෝන් විජේසිංහ තත්ත්පර දහයයි දශම හතරයි එකක කාලයකත් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත්තේය.

එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනෙත් ඉදුවර දිනාගත් අතර මෙරෝන් විජේසිංහ ලබාගත් මෙම ජයග්‍රහණය පෞද්ගලික හොදම දක්ෂතාව, නව තරග වාර්තාවක් මෙන්ම ජාතික කණිෂ්ඨ තරග වාර්තාවක් වී තිබීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *