කැම්පේන් කළොත් දැඩි දඬුවම්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමත් සමගිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ බලධාරීන් සමග මේ වනවිට සාකච්ඡා පවත්වා ඇති බවයි.

මැතිවරණ කාල සීමාව තුළ ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව තල්දූව සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *