කෙහෙළියට සහ පවුලේ අයට නිකුත් කර තිබු නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ: කොළඹ මහාධිකරණය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම අත්හිටුවීමේ නියෝගය ලබන වසරේ ජනවාරි මස 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසටයි කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේ.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවමින් අද දින තෙක් බලපැවැත්වෙන පරිදි මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *