හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට: මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලද

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,මහනුවර, යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී මේවා ප්‍රදර්ශනය කරාවියැයි බියෙන් ඇතැම් අය මේ වන විට නිල නිවාසවල බඩු වෙනත් තැන්වලට ගෙනයන්නට උත්සාහ කරන බව තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් කුමන ආකාරයටද පරිහරණය කළේ කියන කාරණය නොදැන සිටි අය ඒවා දැනගත යුතු බවත්, ඒ වෙනුවෙන් තව තවත් ප්‍රදර්ශන පවත්වන බවත්, ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මෙය ගැටලුවක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *