බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමු දෙන්න තීරණය කරයි: ආචාර්ය උපාධියක් සහ චිත්‍රපටියක් කරන්න සූදානම් වෙයි

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොව බව හිටපු කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ අයෙක් බව ද ඔහු කියා සිටියා.

එම කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, සහ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස තනතුරු ගණනාවක් දරමින් සිය ජනතාවට උපරිමයෙන් සේවය කළ බවයි, බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේ.

පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා හෝමාගම මැතිවරණ කොට්ඨාසයට මහජන නියෝජිතයෙක් නොමැති කාලයක් පැවැතියා.

එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල තමන් සිදු කළ බවත්, එය තමන් ලද විශාල ජයග්‍රහණයක් බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා කාලය වැය කිරීමට සැලැසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම තවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීමට අදහස් කරමින් සිටින බව ද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *