පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක් සඳහා පනවා තිබු නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දිර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (13) පස්වරුවේ පියවර ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, වදුරඹ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, හොරණ, ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, යටියන්‌තොට, දෙහිඔීවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණයාක, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත.
ගාල්ල දිස්ත්‍රික්යේ යක්කලමුල්ල, නියගම, ඉමදුව, කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, පොල්ගහවෙල, අලව්ව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, ඔීපනායක, පැල්මඩුල්ල හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කොට තිබේ.
අද (14) පස්වරු 4.00 දක්වා මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් වලංගු බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.