කෞතුකාගාරය සතු මැණික් ගල් 271 ක් වසර 60 ක් තිස්සේ බැංකුවක

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ භූ විද්‍යා අංශයට අයත්ව ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ තැන්පත් කර ඇති මැණික් ගල් 271 ක වර්තමාන වටිනාකම තක්සේරු කිරීමට මේ දක්වා පියවර ගෙන නැතැයි  ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් මැණික් ගල් 272 ක් ආරක්ෂාව සඳහා 1964.09.18 දා සිට  බැංකුවේ තැන්පත් කර ඇති අතර 1993 දී සිදුකළ භෞතික පරීක්ෂාවකදී  එයින් එක් ගලක් කෘත්‍රිම ගලක් බවට හෙළිවී එය බැංකුවෙත් ඉවත්කරගත් පසු දැනට ගල් 271 ක් බැංකුවේ ඇති බව කෞතුකාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්  විගණන කාර්යාලය සිදුකළ මෙම විගණන වාර්තාවේ විගණන නිරීක්ෂණ යටතේ  සඳහන් කරයි .

මෙම මැණික්වල වටිනාකම තක්සේරු කර දෙන ලෙස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත අවස්ථා දෙකකදී ලිඛිතව ඉල්ලා සිටි නමුත් එම මැණික් ගල් තක්සේරු කිරීම බැංකුව තුළදී කළ නොහැකි බවත් ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රසායනාගාරය වෙත ගෙන යා යුතු බවත් එම අධිකාරිය දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය වෙත කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් දන්වා  ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *