වැලි මැක්කා නිසා මිනිස්සු ලෙඩින්

වැලි මැක්කන්ගේ දෂ්ඨ කිරිම හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රදේශයෙන් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

මාතලේ හා දඹුල්ල මුලික රෝහල් මගින් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් හා ලබාගන්නා පිරිස් සම්බන්ධයෙන් කල සොයා බැලිමේ දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

නාඋල – නාලන්ද, උඩුදෙනිය, නාඋල නගරය ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශ පිරිස් ලිශ්මනයිසීස් රෝගය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිකාර ලබාගෙන තිබේ.

සමේ වේදනා ඇති නොවන තුවාල නොසලකාහැරීම නිසා වැඩි තුවාල ප්‍රමාණයක් හෝ වර්ධනය වු තුවාල දක්නට ලැබෙන බව මේ සම්බන්ධයෙන් කල විමසීමක දී නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වෛද්‍ය විජිත ඒකනායක පැවසුවේය.

ජිවත්වන නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබාගැනීම, රෝගී තත්ත්වයන් දුටු සැනින් ප්‍රතිකාර ලබාගැනීම සහ අවට පරිසරය සම්බන්ධයෙන් වඩා විමසිලිමත්ව කටයුතු කිරිම මගින් මෙම රෝගි තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි බව ද වෛද්‍ය විජිත ඒකනායක පේනවා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *