කථානායකට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදය අද

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වේ.

අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිතය.

අදාල විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල‍ පවසා තිබේ.

සබැඳි පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *