වනිදු IPL තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඔහුගේ වම් විලුඹේ ඇති වූ ආබාධයක් හේතුවෙන් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වනු ඇත.

2022 දී ඉන්දීය රුපියල් කෝටි 10.75කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වනිදු මිලදී ගත් අතර මෙවර එම කණ්ඩායම ඔහුව විසින් නිදහස් කිරීමෙන් අනතුරුව සන්රයිසස් හයිද්‍රාබාද් විසින් ඔහුගේ මූලික මිල වන ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිලදී ගත්තේය.

SLC ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සන්ඩේ ටයිම්ස් වෙත පැවසා තිබුණේ “ඔහු IPL සඳහා සහභාගී වන්නේ නැති බවයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි, හසරංග ඩුබායි වෙත ගොස් ඔහුගේ විලුඹෙහි ඇතිවූ ආබාධ තත්වයට ප්‍රතිකාර ගැනීමට නියමිතව ඇත.

බංගලාදේශ තරගාවලිය අතරතුරදී මෙලෙස විලුඹේ ඇතිවුණු ආබාධ තත්ත්වය ඇතිව ඇති අතර එළැඹෙන T20 ලෝක කුසලානයට පෙර ඊට ප්‍රතිකාර ගත යුතුව ඇති බැවින් මෙවර IPL තරගාවලියට අත් හැරීමට ඔහු තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *