මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය

ලෝක අධි රුධිර පීඩන දිනය අද(17) ට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ “Measure Your Blood Pressure Accurately, Control It, Live Longer!”

ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කර දිගු දිවියක් ගත කරන්න යන්නයි.

අධිරුධිර පීඩනය මෙරට බෝ නොවන රෝග අතර, ජනතාව අතර බහුලව දැකිය හැකි රෝගයක් වන අතර සෞඛ්‍ය අංශ පවසන්නේ, මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ‍ගොදුරුවී ඇති බවයි..

තම රුධිර පීඩනය වරින් වර මැන නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය හේතුවෙන් සිදුවන හදිසි මරණ වළක්වා ගත හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *