විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අද 27 වැනි දිනටත්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සිය ගැටළුවලට විසදුම් ඉල්ලමින් සිදුකරන වැඩවර්ජනයට අදට දින 27ක් සපිරෙයි.

15,000කට අධික විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් මෙම වැඩවර්ජනය දියත් කළේ එකඟ වූ මාසික දීමනාව ලබාදීම සහ 2016 වසරේ සිට සියයට 15 ක වැටුප් කප්පාදුව ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

පවතින වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා බොහෝ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට සැලකිය යුතු ලෙස බාධා එල්ල වී ඇත.

මේ අතර ග්‍රාම නිලධාරී සංගමය පවසන්නේ සිය වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම, සේවයට අදාළ ප්‍රසාද දීමනා වැඩි කිරීම සහ තම වෘත්තියට නිසි ගෞරවය ලබා දීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *