ත්‍රස්ත ප්‍රහාරය ගැන නිශ්චිත තොරතුරු නෑ : ආරක්ෂාව තහවුරුයි

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන තරගය පැවැත්වීමට නියමිත නිව්යෝක්හි අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

තීරණය ගෙන ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන තරගයට ත්‍රස්ත ප්‍රහාරයක් එලල් විය හැකි බවට පළවන වාර්තා හේතුවෙනි.

මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීමක් නොමැති අතර නිව් යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ කෙසේවෙතත් තත්ත්වයන් පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ජුනි 3 වැනි දා සිට 12 වැනි දා දක්වා මෑන්හැටන් නගරයේ පිහිටා ඇති අයිසන්හවර් ක්රීඩාංගණයේ 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත් නිව් යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරිය වන කැතී හොචුල්, පවසා ඇත්තේ මෙම තරග අපහසුතාවයකින් තොරව පැවැත්වීම සහතික කිරීම සඳහා සිය පරිපාලනය මාස ගණනාවක් තිස්සේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

“නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම, ඉහළ ආරක්‍ෂක පියවරවල අනුගමනය කිරීමට මම නිව් යෝර්ක් ප්‍රාන්ත පොලිසියට උපදෙස් දී තිබෙනවා,”මහජන ආරක්ෂාව මගේ ප්‍රමුඛතාවය වන අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තුළින් ආරක්ෂිත, ප්‍රීතිමත් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අපි කැපවී සිටිනවා.” වැඩිදුරටත් අදහස් දකිවමින් ඇය පැවසූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *