නව නීතිපති දිවුරුම් දීම අද

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ අද (12) පස්වරුවේ නීතිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ, මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරෙනු ඇත.

පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට ඊයේ (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මේ වනවිට වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *