පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජබයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරණ සමගි ජන බලවේගයට (SJB) තවත් දේශපාලනඥකු සිය සහාය පළ කරමින් එක්ව තිබේ.

මෙලෙස සමගි ජනබල වේගයට එක්ව ඇත්තේ ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය තිලක් රාජපක්ෂයි.

මේ අතර හිටපු අමාත්‍ය සහ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය දිස්ත්‍රික් සංවිධායක තිස්ස කරල්ලියද්ද පසුගියදා සමගි ජන බලවේගය සමග එක්විය.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයේ ද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එතුමා සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *