ලොව විශාලතම මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අරඹයි

ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද (04) ආරම්භ විය.

අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ මෙම මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය සෙනසුරාදා.අවසන් වූ අතර ඡන්ද ගණන් කිරීම අද උදෑසන 8.30 ට ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර, ඡන්ද මධ්‍යස්ථාන වල ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ , ඉන් අනතුරුවයි.

ඉන්දීය මහ මැතිවරණය අදියර 7 ක් යටතේ සති 6 ක් පුරා පැවැත්වුණු අතර බිලියනයක් පමණ ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා තිබිණි.

එමෙන්ම මෙවර වාර්තාගත ලෙස මිලියන 642 ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිසම පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *