අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට මේ අවුරුද්දෙ පඩි වැඩි වීමක් නෑ

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයට මේ වසරේ වැටුප් වර්ධකයක් ලබාදිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ බ්‍රහස්පතින්දා (13) පස්වරුවේ එම තීරණය ලිඛිතව තමන් වෙත දන්වා සිටි බව ය.

අදාළ තීරණය සිකුරාදා (14) සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට දැනුම් දෙන බවද ඔහු පැවසීය.

රජයේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අනධ්‍යයන වෘත්තීය සමිති අඟහරුවාදා (18) කැඳවන බව මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනයට අදට සිකුරාදා (14) දිනට දින 44ක් සපිරේ.

අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල කටයුතු අඩාල වී තිබේ.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති පවසන්නේ තම ඉල්ලීම්වලට යහපත් විසඳුම් ලබාදෙන තුරු වර්ජනය අත්නොහරින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *