මැයි මාසයේ ICC ක්‍රීඩිකාව චමරි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2024 මැයි මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ.

ඒ් ප්‍රබල ස්කොට්ලන්ත නායිකා කැත්‍රින් බ්‍රයිස් සහ ICC හි දක්ෂතම පන්දු යවන්නිය වන සොෆී එක්ලෙස්ටෝන් අභිබවා යමින් වී විශේෂත්වයකි.

ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී අතපත්තුගේ විශිෂ්ට දස්කම් නිසා ඇයට මෙම ගෞරවනීය සම්මානය හිමිව තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම සම්මානය චමරි අතපත්තු දිනා ගත්තාය.

මේවනවිට චමරි එක්දින තරග 101 ක් ක්‍රීඩා කර ඇති අතර ශතක 9 ක් සහ අර්ධ ශතක 16 කට ඇය හිමිකම් කියයි.

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 131 ක් ක්‍රීඩා කර තිබෙන චමරි ශතක දෙකක් සහ අර්ධ ශතක 10 ක් ලබා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *