ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ, අද (30)මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා තිබේ.

එහි නව මිල 344 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 41 කින් පහළ දමා ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රුපියල් 379 ක් ලෙසයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 22 කින් ය.

එහි නව මිල රුපියල් 355 ක් ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *