ගුවන් ගමන් පාලකවරු 80 රට හැර ගිහින්

වැටුප් ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80 පමණ රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි සභාපති අතුල ගල්කෙටිය පැවසුවේ, රජයේ මැදිහත් වීමෙන් මේ වනවිට එම ගැටලුව නිරාකරණය කර තිබෙන බවයි.

ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත් මේ වන විටත් 25 දෙනෙකුට වැඩි පිරිසක් බඳවාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

එම පිරිස් පුහුණු කර රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවත් තවත් කණ්ඩායමක් සඳහා අයැදුම්පත් කැඳවා තිබෙන බවත් අතුල ගල්කෙටිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *