මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මැතිවරණ කොමිසමට

මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් ව සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුකු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ව අද (31) දිනයේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ බවය.

“පොලිස්පතිවරයෙක් නම් කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නෑ. අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස, ඒ සඳහා බලය තිබෙන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. ඒ අනුව ඊයේ මැතිවරණ කොමිසම තීරණයක් ගත්තා ජනාධිපති ලේකම්වරයාගෙන් ඒ ඉල්ලීම කරන්නට. ඒ සඳහා ඊයේ හවසම ප්‍රතිචාර ලැබිලා තියෙනවා ජනාධිපති ලේකම්වරයාගෙන්. ජනාධිපතිවරයාගේ නියමය අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දීලා තිබෙනවා මැතිවරණ කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරණයේ ආරක්ෂ කටයුතු සඳහා අවශ්‍ය වන සියලුම පොලිස් නිලධාරීන් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *