මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නිලධාරීන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් එළෙස කැඳවා ඇත.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 07 ක් මෙරට ක්‍රියාත්මකයි.
මේ අතර මැතිවරණය සඳහා යටිතල පහසුකම් සපයන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත්වීමට නියමිතව ඇත.
ඊට ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතනවල ප්‍රධානීන් සහභාගිවනු ඇත.