IMF එකෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළග සමාලෝචනයේ කාල සීමා පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ 2022 දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත රටේ අනාගතය ගොඩනැගීම සඳහා ජනාධිපති අනුර හා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරන කාල සිමා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැකි ඉක්මනින් නව පරිපාලනය සමඟ සාකච්ඡා කරන බව නිවේදනයේ දැක්වෙයි.

(දිනමිණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *