ශූරයන්ගේ කුසලානය සඳහා ඉන්දියානු ක්‍රිකට් පිල පාකිස්තානයට එනු ඇති බවට අක්‍රම්ගෙන් සහතිකයක්

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියානු පිල පාකිස්තානයට එනු ඇති බව තමා විශ්වාසය පළ කරන බව පාකිස්තානු සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් පවසා තිබේ.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ පාකිස්තානයට පැමිණෙන ඉන්දියානු පිල පාකිස්තානය විසින් ‘පුදුමාකාර ලෙස’ රැකබලා ගනු ඇති බවය. “මම හිතන්නේ මෙම තරගාවලියට පැමිණීම සඳහා ඉන්දීය පිලට ඉන්දියානු රජය අවසරය ලබා දේවි. එහිදී ඉන්දියානුවන් ලාහෝරයට පැමිණ ලාහෝරයේදීම යළි ඉන්දියාවට යාවි. ඔවුන්ව (ඉන්දියාව) පාකිස්තානය පුදුම සහගත ලෙස රැකබලා ගනීවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම විරාත්

කෝලි, රෝහිත් ෂර්මා, හාර්දික් පාන්ඩ්‍යා, සූර්යකුමාර් යාදව් වැනි ඉන්දීය ක්‍රීඩකයන්ට පාකිස්තානයේ රසික රසිකාවියන් බොහොමයක් ඉන්නවා” මේ අතර මෙම තරගාවලිය දැක බලා ගැනීම සඳහා ඉන්දියානු ක්‍රීඩාලෝලීන්ට වීසා 17,000ක් පමණ නිකුත් කිරීමට පාකිස්තානු රජය පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් 2008 වසරින් පසු ඉන්දීය පිලක් පාකිස්තානයේ සංචාරය කර නොමැති අතර, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙයට පෙර ඉඟි කර ඇත්තේ මෙම තරගාවලියට විකල්ප ස්ථානයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *