“පැරිස් ඔලිම්පික්” සුදුසුකම් ලැබූ ලාබාලතම බැඩිමින්ටන් ක්‍රීඩකයා විරේන්

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ගැනීමට සමත් විය.

මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන 20 හැවිරිදි විරේන් , එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා විවිධ රටවල පැවැති තරගවලට සහභාගී විය.

මෙවර තරගවාරයේදී ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් උලෙළට සෘජු සුදුසුකම් ලැබූ විරේන් පිරිමි ඒකල තරග ඉසව්වට සෘජු සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 39 දෙනා අතුරින් 32 වැනි ස්ථානයට පත්විය.

ඒ අතරට පෝලන්තය, නෙදර්ලන්තය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකදී පැවැති බැඩ්මින්ටන් තරගාවලි ඇතුළත්ය.

විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට ද පත් වූ අතර ඊට පෙර නිරෝෂාන් විජේකෝන් (1992 බාසිලෝනා), තිළිණි ජයසිංහ (2012 ලන්ඩන්) සහ නිලූක කරුණාරත්න (2012 ලන්ඩන්, 2016 රියෝ ද ජැනයිරෝ, 2020 ටෝකියෝ) ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *