බලශක්ති අර්බුදයත් ආර්ථිකය බංකොළොත්වීමට හේතුවක්

ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි.

එහිදී සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේ මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම බලශක්ති අර්බුදය ඇතිවීමට හේතුවූ බවය.

ජනන සැලස්මට අනුව 2017 වසරේදී සාම්පූර් බලාගාරය 2018 වසරේ නොරොච්චෝලේ බලාගාරයේ 4 වැනි අදියර හා 2020 වසරේ උමා ඔය විදුලි ජනනය සිදු කිරීමට නියමිතව තිබුණි.

එහෙත් දේශාපලන පක්ෂ ඇතුළු කණ්ඩායම් විසින් ගෙන ගිය විරෝධතා හේතුවෙන් එම බලගාර ඉදිකිරීම අඩාල වූ බව නරේන්ද්‍ර සිල්වා කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.

ඒ අනුව ඉන්ධන හා දැවිතෙල් මත මෙරට විදුලි ජනනය රැඳි පැවති බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඒ සඳහා සීමිත විදේශ සංචිත වැඩි වශයෙන් වැය කිරීමට වීමෙන් ආර්ථික අර්බුදයක් පැන නැගුණු බව විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා කාරක සභාව හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *