”වහාම සිම්පත් විසන්ධි කරන්න” – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ජංගම දුරකථන භාවිත කරන සියලු පාරිභෝගිකන් නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දැනට භාවිතා නොකරන මුත්, දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගැනීමෙන් හැකියාව ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ සඳහන් කලාය.

එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ නොදැනුවත්ව ඔබේ නමින් දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් වහාම ඒවා විසන්ධි කිරීමට කටයුතු කරන ලෙසට යි.

#132# ටයිප් කිරීමෙන් මෙලෙස තමන්ගේ සිම්පත ලියාපදිංචි කරගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *