සෞන්දර්ය විශ්ව විද්‍යාලය ගෙන එන “වෛවර්ණ” 28 වනදා

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ, ඉතිහාසය රංග කලා හා සිද්ධාන්ත අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් ‘වෛවර්ණ ප්‍රාසාංගික කලා ප්‍රසංගය’ නමින් කලා ප්‍රසංගයක් සංවිධානය කර තිබේ.

මාර්තු මස 28වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 සිට රාත්‍රී 9.00 වන තුරු මෙම ප්‍රාසාංගික කලා ප්‍රසංගය කොළඹ 07, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

“මේ කලා ප්‍රසංගය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සාමූහික නිර්මාණ එකතුවක් වන අතර නැටුම්, ගැයුම්, වැයුම් වගේම සිනමා, ඡායාරූප හා කලා කුසලතා රැසක් මේ ප්‍රාසාංගික කලා ප්‍රසංගයට ඇතුලත්ය.

මෙය මහජන ප්‍රදර්ශනය සඳහා එදින දවස පුරා විවෘත වන අතර මෙම ප්‍රාසාංගික අත්දැකීම් සම්පූර්ණයෙන්ම අයකිරීමකින් තොර පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *