ශ්‍රී ලංකාවට සුපිරි ජයක් : තරගයේ සහ තරගාවලියේ වීරයා කමිදු

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමත් සමග තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.

එමෙන්ම කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස්කළහ.

බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් මෙහෙදී හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර මොමිනුල් හක් ලකුණු 50ක් රැස් කළේය.

පන්දු යැවීමේදී, ළහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *