අධිකරණ සේවා සංගමයට එරෙහිව විජයදාසගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වරප්‍රසාද සහ බලතල උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බවට සඳහන් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට පැමිණිල්ක් යොමු කර තිබේ.

අධිකරණ සේවා සංගමය විසින් නිවේදනයක් සම්බන්ධයෙන් සඳහන් කරමින් මෙම පැමිණිල්ල යොමු කර ඇත.

අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් තමා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය වගකීම් විරහිත, වෛරී සහගතව සිදු කරන ලද බවට ප්‍රකාශ කර ඇති බවට එහි සඳහන් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයේ අදාල විනිසුරුවන් දෙදෙනා වහාම පාර්ලිමේන්තු ආචාර්ය ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදු කර ලෙස මෙම පැමිණිල්ල මගින් විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *