ක්‍රිකට් කෙල්ලන්ගෙන් ඉතිහාසගත ජයක්

දකුණු අප්‍රිකාව සහ ශ්‍රි ලංකාව අතර ඊයේ (03) පැවැති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් දකුණු අප්‍රිකාවට එරෙහිව සුපිරි ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

දෙරට අතර ඊස්ට් ලන්ඩන්හිදී පැවති මෙම තරගය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි ඉතිහාසයේ ලබමු පළමු විස්සයි20 තරගාවලි ජය ලෙසයි.

මින් පෙර දෙරට අතර ද්වීපාර්ශ්වික විස්සයි20 තරගාවලි 3ක් පවත්වා ඇති අතර, එම තරගාවලි ත්‍රිත්වයේම ජය දකුණු අප්‍රිකාව සතුවී ඇත.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ආරාධනා කළ අතර පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළේය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 19.1 පන්දු වාරයේදී ජය තහවුරු කර ගත්තේය.

එහිදී චමරි අතපත්තු පන්දු 46 කදී කදී ලකුණු 73 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *