විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන නිවේදනයක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි

ඔහු කියා සිටියේ එහි කටයුතු ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බවයි.

එමෙන්ම විද්‍යාපීඨ පුහුණුව නිම කළ සිසුන් 4,160ක් විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේය.

එමෙන්ම ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *