අධික උණුසුම නිසා ළමුන් මිලියන 33කට පාසල් වැසෙයි

රටේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් බංග්ලාදේශයේ පාසැල් සහ විද්‍යාල වසා දැමීමට එරට බළධාරීන් තීරණය කර ඇත.

පාසල් සහ විද්‍යාල අවම වශයෙන් අප්‍රේල් 27 දක්වා වසා තබනු ඇති අතර මේ හේතුවෙන් ළමුන් මිලියන 33කගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

සෙල්සියස් අංශක ( 42 °C) (F108F) ඉක්මවන අධික උෂ්ණත්වයක් එරට බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලධාරීන් මෙවැනි පියවරක් ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.

ආසියානු කලාපය පුරාම දිගින් දිගටම පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා පිලිපීනයේ සහ ඉන්දියාවේ පාසල් වසාදැමීමට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම බංගලාදේශය කියන්නේ දේශගුණික විපර්යාස වල වඩා වැඩි බලපෑමට ලක්විය හැකි රටවල් වලින් එක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම බංගලාදේශයේ දරුවන් ලෝකයේ දුප්පත්ම ජනතාව අතරේ ඉන්න පිරිසක්, අධික උණුසුම නිසා පාසල් වසාදැමීම අපි හැමදෙනෙක්ටම විශේෂ පණිවිඩයක් ලබාදෙනවා. – බංගලාදේශයේ සේව් ද චිල්ඩ්රන් අධ්‍යක්ෂක ශුමන් සේන්ගුප්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

“වර්ෂාව නොමැතිවීම නිසා දරාගත නොහැකි තත්ත්වයකට මිනිස්සු පත්ව තිබෙනවා. දුප්පත් ජනතාව අපමණ දුක් විඳිනවා,” ඉස්ලාමීය පූජක මුහම්මද් අබු යූසුෆ් AFP පුවත් ඒජන්සියට පවසා ඇත.

උණ සහ හිසරදය වැනි අධික උෂ්නත්වය සමග ඇතිවිය හැකි රෝගාබාධ හේතුවෙන් වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගතවීමට ඉඩ ඇති බවත් ඒ සඳහා සූදානම් වන ලෙස රෝහල් සහ සායනවලින් සෞඛ්‍ය අමාත්‍ය සමන්ත ලාල් සෙන් මෙම සතිය මුලදී ඉල්ලා තිබිණි.

එමෙන්ම අධික උෂ්නත්වය හේතුවෙන් රෝගාබාධ වලට ලක්වෙන රෝගීන් වායුසමීකරණය කරන ලද වාට්ටුවලට ඇතුළත් කරන බවද ඔහු පවසා ඇත.

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් 17 දක්වා කාලය තුළ තායිලන්තයේ පුද්ගලයින් 30 දෙනෙකු අධික උෂ්ණත්වය නිසා මිය ගොස් ඇති අතර 2023 වසර තුළ 37 දෙදෙනෙකු තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය බදාදා ප්‍රකාශ කළේය.

මියන්මාරයේ පසුගිය බදාදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ට වඩා වැඩි විය.

එමෙන්ම මෙම මස මුලදී පිලිපීනයේ පාසල් 47,000ක් පමණ දැඩි උණුසුම හේතුවෙන් නවතා දැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *