මැයි රැලි සඳහා සියල්ල සූදානමින්

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.

රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැලි 14ක් පමණ පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල මාර්ගයේදී පැවැත්වෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේ දී පැවැත්වේ.

එමෙන්ම මෙවර ජාතික ජන බලවේගය මෙවර මැයි දින රැළි හතරක් පවත්වන අතර එහි නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේදී ජාජබ කොළඹ මැයි රැලිය පැවැත්වේ.

සෙසු මැයි රැළි මාතර,අනුරාධපුර සහ යාපනයේදී රැලි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස් හිදී මැයි රැලිය පවත්වයි.

මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ හයිඩ් පිටියේදීය.

ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කොළඹ විහාර මහා දේවී උද්‍යානය ආශ්‍රිත භූමියේදී මැයි රැලිය පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *