සෞඛ්‍ය වැඩවර්ජනය අද වයඹ පළාතේ

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මකය.

ඒ අනුව අද උදෑසන 8 සිට 12 දක්වා වයඹ පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ ය.

නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් සඳහා ලබා දිය යුතු දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේකය නිකුත් කර නොමැති වීමත් විශේෂිත දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේකය නිකුත් කිරීමේදී කණ්ඩායම් 15ක් මගහැර චක්‍රලේකය නිකුත් කිරීමත් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා උතුරු මැද පළාතෙනි. ඊයේ එය සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *