”වතුර තියෙන්නේ දවස් 70කට විතරයි” – මහවැලි අධිකාරිය

යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයේ පවතින ජලය දින 70 කට පමණක්, ප්‍රමාණවත් බව මහවැලි අධිකාරිය පැවසුවේය.

එහි නියෝජ්‍ය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ සඳහන් කරන්නේ මේ වන විට උඩවලව ජලාශයේ අක්කර අඩි එක්ලක්ෂ අනූඅටදහසක ජල ධාරිතාවක් පවතින බවය.

සම්පුර්ණ යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය අක්කර අඩි ලක්ෂ තුනක් වන අතර ඉතිරි ජල ප්‍රමාණය සමනල වැව ජලාශයෙන් ලබා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මෙවර යල කන්නයේදී උඩවලව ජලාශය යටතේ 40% ක වී වගාව සිදු කරන අතර ඉතිරි 60% ක ප්‍රමාණය අතිරේක භෝග වගා කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *