ඩයනා ගමගේට ඇප

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *