ඩයනාට රටින් පිටවීම තහනම්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

අගතියට පත් පාර්ශවයේ නීතීඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාල නියෝගය නිකුත් කළේය.

එමෙන්ම එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයාට සහ බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *