ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණා ගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගො ස් සිය ගණනක් තුවා ල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වා ර්තා කරයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකා ශ කර ඇත්තේ එම ප්‍රදේශයේ හමා ස් ඉලක්ක වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.
නමුත් හමා ස් සංවිධා නය පවසන්නේ ඊශ්‍රා යල හමුදාව විසින් එම ප්‍රහා රය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැ න් වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆා හි හමා ස් සංවිධානයේ කඳවුරකට ප්‍රහා ර එල්ල කළ බවත්, එම ප්‍රහාරය නිවැ රදි අවි සහ නිරවද්‍ය බුද්ධි තො රතුරු මත සිදු කළ බවත්ය.
ඊයේ (26) හමාස් සංවිධානය විසින් රෆා සිට ටෙල් අවීව් නගරය දෙසට රොකට් ප්‍රහාර අටක් එල්ල කර තිබුණු අතර එම ප්‍රහාරය ජනවා රි මාසයෙන් පසු එල්ල කළ පළමු දිගු දුර ප්‍රහා රය බවද සඳහන් වේ. .