දූෂණය කරොත් වඳ කරන්න නීතියක්

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කරන අපරාධකරුවන් වඳභාවයට පත් කිරීමට අදාලව නව නිතීයකට මැඩගස්කර් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ වැරදිකරුවන් රසායනික හෝ ශල්‍යකර්මයක් මඟින් වඳ කිරීමට මෙම නීතිය මගින් අවසර හිමිවන බවයි.

මෙම නීතිය පෙබරවාරි 2 වනදා සම්මත කරන ලද අතර එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව පසුගිය සතියේ එය අනුමත කරනු ලැබුවේය.

ජනාධිපතිවරයාගේ අත්සන් ලැබීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

2023 වසරේදී මැඩගස්කරය තුළ බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ සිද්ධීන් 600ක් වාර්තා වූ අතර පසුගිය ජනවාරි මාසයේදී පමණක් සිද්ධීන් 133ක් වාර්තා වී තිබේ.

අදාළ නීතිය අනුව කිසියම් පුද්ගලයෙක් වයස අවුරුදු 10 ට අඩු දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් සැත්කමක් මගින් ඔහුව වඳ භාවයට පත් කිරීමට නීතිමය අවසරය හිමි වේ.

එමෙන්ම වයස අවුරුදු 10 ත් 13 ත් අතර දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් සැත්කමක් මගින් හෝ රසායනිකව වඳ භාවයට පත් කර දඬුවම් ලබා දෙනු ලැබේ.

තවද වයස අවුරුදු 14 ත් 17 ත් අතර දරුවෙකු දූෂණය කිරීමකට වරදකරු වුවහොත් රසායනික ද්‍රව්‍ය හෝ ඖෂධ භාවිතා කිරීම මගින් වඳ භාවයට පත් කරනු ලබයි.

කෙසේ නමුත් පැන වූ නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙනනේ එය රටේ ව්‍යවස්ථාපිත නීතිවලට නොගැලපෙන අමානුෂික හා අවමන් සහගත සැලකීමක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *