සජබ – ජජබ විවාදය කඹ ඇදිල්ලක

තම පක්ෂය විසින් යෝජනා කළ දින අතරින් ආර්ථික කමිටු විවාදයට දින කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරයා දැනුම් දී ඇත.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, අදාළ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරයේ ද කිසිදු වෙනසක් නොමැති බවය.

ඒ අනුව පළමුව නායකත්ව විවාදය පවත්වා අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර තිබිණි.

එහෙත් ආර්ථික කමිටු විවාදය පවත්වා පසුව නායකත්ව විවාදයට පැවැත්වීමට එකඟ බව සමගි ජන බලවේගය පවසන පරිදි සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *