ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් හදිසි මුදවා ගැනීමකට එක් වෙයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා රාජකාරියට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය හදිසි මුදවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.

පසුගියදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රෆායි ප්‍රදේශයේ වාහන අනතුරකට ලක්වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් පිරිසක් සුරක්ෂිතව ඉතා කඩිනමින් ගුවනින් රෝහල වෙත ගෙන ඒමට ඔවුන් කටයුතු කර ඇත.

මෙම මුදවා ගැනීමේ මෙහෙයුම සදහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරියට අනියුක්ත කර ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා‍ගනු ලැබු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය විසින් මීට පෙර අවස්ථාවන් වලදී ද මෙවැනි මෙහෙයුම් සදහා සෘජු දායකත්වය ලබා දී තිබේ.

මෙම හදිසි අවස්ථාව් දි ශ්‍රි ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අනතුරට පත් පිරිසගේ ඡිවිත සුරක්ෂිත කිරිම සදහා ක්‍රියා කිරිම පිළිබද එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ක්‍රියා කලාපය පැසසුමට ද ලක්කරන ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *