තවත් ප්‍රකෝටිපතියෙකු ටයිටැනික් ගවේශනයක

එක්සත් ජනපදයේ සුඛෝපභෝගී දේපල වෙළඳාම් ප්‍රකෝටිපතියෙකු වන 74 හැවි­රිදි ලැරී කෝනර් සහ ඔහුගේ සහා­යක පැට්‍රික් ලාහේ ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන් දෙදෙනාම මෙවැනි ත්‍රසජනක වික්‍රමාන්විත වලට ඇබ්බැහි වූවන් බවට වාර්තා පළවේ.

උතුරු අත්ලා­න්තික් සයුරේ අඩි 12,000කට වඩා මුහුදු පතුලේ තැන්පත් වී ඇති ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් මෙන්ම පසු­ගිය වස­රේදී මුහුද යටදී පිපිරී ගිය ටයි­ටන් සබ්මැ­රී­නයේ සුන්බුන්ද ගවේ­ෂ­ණය කිරීම ලැරී කෝනර්ගේ අර­මුණ වී ඇත.

ඔවුන් මෙලෙස ගවේශණ චාරිකාව සඳහා ඒක්වීමට ට්‍රයිටන් නැමැති කුඩා සබ්මැරීනයක් යොදා ගන්නා අතර එහි සම නිර්මාතෘ වරයා පැට්‍රික් ලාහේ යි.

ටයිටැනික් නැව මුහුදුබත් වීම දැකීමටනම් සබ්මැරීනයක් මීටර් 3,800 (අඩි 12,467) පමණ ගැඹුරකට ගෙන යාමට අවශ්‍යව ඇති බව පැවසේ.

කෙසේවෙතත් පසුගිය වසරේදී ටයිටැනික් ගවේශනයට එක්වූ OceanGate සමාගමේ හිමි­කරු වන ස්ටොක්ටන් රෂ් ඇතුළු පිරිස ගමන්ගත් සබ්මැරීනය පුපුරා යෑමේ සිද්ධියට වසරක් පමණ ගතවෙද්දි තවත් ප්‍රාකා්ටිපතියෙකු මෙලෙස ටයිටැනික් ගවේශණයට එක්වීම සම්බන්ධයෙන් ලෝකය පුරා මාධ්‍ය අවධානයට යොමුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *