යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් වියට්නාමයට දැඩි බලපෑම්

වියට්නාමයට බලපා ඇති යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියගිය පුද්ගලයින් ගණන 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් තවත් පුද්ගලයින් 78 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ප්‍රදේශ රැසකට නායයෑම් සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති අතර සුළි කුණාටුව හමා යන්නේ, පැයට කිලෝ මීටර 203 ක වේගයෙනි.

කුණාටුවේ බලපෑමෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක් ද අතුරුදන්ව තිබේ.

විදෙස් වාර්තාවලට අනුව මෙම වසරේ ආසියාවේ ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව එයයි.

ඉන් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව, 8 ලක්ෂ 30,000 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *