ගුරු විදුහල්පතිවරු කොටසක් අදත් ලෙඩ නිවාඩු

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය සිකුරාදා (31) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගුරු-විදුහල්පතිවරු අදත් අසනීප නිවාඩු දමා තිබේ.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවලට එරෙහි ජාතික සාමූහිකයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පෙන්වා දෙන්නේ වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

තම ඉල්ලීම්වලට රජයෙන් යහපත් විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බවද උන්වහන්සේ පැවසීය.

කෙසේවෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය සහය පළ කර නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *