පොහොට්ටුවේ නව කැඳවුම්කරු රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පත්කර තිබේ.

ඒ පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්විය.

මේ අතර ඇමති විජයදාස රාජපක්ෂට එරෙහිව පැවැති චෝදනා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ ඇත.

ඊට අනුව ඉදිරියේදී කටයුතු කිරීමට අදාළ අනුමැතිය ලබාදුන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *