දරු උපත් වැඩි කරන්න ජපානයෙන් app එකක්

වසර ගණ­නා­වක් පුරා අර්බු­ද­යක් බවට පත්වී ඇති ජපා­නයේ දරු උපත් පහත වැටීම වැළැ­ක්වීම සඳහා එරට තරුණ තරු­ණි­යන් අතර විවාහ සිදු කිරී­මට සහ නව පවුල් ජීවිත ආරම්භ කිරී­මට පහ­සුව සැලැ­සී­මට ජපාන රජය මඟින් නව dating app එකක් හඳුන්වා දී තිබේ.

බොහෝ බට­හිර රට­වල තරුණ තරු­ණි­යන් අතර අති­ශය ජන­ප්‍රිය එවැනි වෙබ් අඩවි මගින් ඔවු­නො­වුන්ගේ සහ­ක­රු­වන් සහ සහ­කා­රි­යන් සොයා ගැනී­මට වැඩි පහ­සු­වක් සැල­සෙන බැවින් ජපාන රජය එවැනි පිය­ව­රක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මෙම app හි ලියාපදිංචි වන පුද්ගලයින් පුද්ගලයන් තමන්ගේ විවාහක අවිවාහකබවය නතාන කරවන ලියකියවිලි සැපයිය යුතු අතර ඔවුන් විවාහය සඳහා සහකරුවෙකු හෝ සහාරියක සොයන සොයන බවට ලිපියක අත්සන් කළ යුතුය.එමෙන්ම වාර්ෂික ඉපැයීම් සනාථ කිරීමට ආදායම් බදු දැන්වීමක් ද ඉදිරිපත් කළ යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තරුණයෙකු පවසා තිබුණේ ” ආදායම් සනාත කරන ලියකියවිලි ඉල්ලා තිබුණා අලුත්ම dating app ඒකේ. මං කම්පනයට පත් වුණා ඒ්ක දැකලා.. ඒ්ක හරියට කසාද බඳින්නේ පඩිය දිහා බලලාද? ඒ්ක ඇතුලේ සැබෑ ආදරය කසාදය ගැන සැබෑ හැඟීමක් නැහැ. ඒ්ක නිකන් ව්‍යාපාරික ගිවිසුමක් වගේ.

මේ අතර විවාහය සහ දරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ව්‍යාපර සහ කළමණාකරණය පිළිබඳ උපාධිදාරිණියක පවසා සිටියේ මම කැමැති නැහැ මගේ දරුවෙක් නැනී කෙනෙක් යටතේ වැඩෙනවට. නමුත් දරුවෙක් වෙනුවෙන් හැමදේම කැපකරලා ගෙදරට වෙලා ඉන්න පුළුවන් කමකුත් නැහැ. මොකද මම මගේ කාලයෙන් 100%ක්ම මගේ වැඩවලට කැප කරනවා.මම පිරිමින්ට වඩා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මම විවාහ වුණොත්, මට වැඩ නතර කර දරුවෙකු ඉපදෙන විට ගෙදර සිටිය යුතුයි . මම එය පිළිගන්නේ නැහැ.”

කෙසේවෙතත් මිලි­යන 123.9ක ජන­ග­හ­න­යක් හිමි ජපා­නයේ පසු­ගිය වසරේ වාර්තා වී ඇත්තේ දරු උපත් 7,27,277ක් පම­ණක් බව ජපා­නයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබ­සා­ධන අමා­ත්‍යාං­ශය පසු­ගි­යදා නිකුත් කළ නව­තම දත්ත වාර්තා­ව­කින් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *