තායිලන්තයෙන් Mpox රෝගියෙක්

වඳුරු උණ රෝගයේ නව ප්‍රභේදය යැයි සැක සහිත පළමු රෝගියා තායිලන්තයෙන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ ඊයේ (21) නිවේදනය කර තිබේ.

මෙම රෝගියා අගෝස්තු 14 වන දින බැංකොක් වෙත පැමිණ ඇති අතර පසුදා උදෑසන mpox රෝග ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

අප්‍රිකානු රටක සිට තායිලන්තයට පැමිණ ඇති 66 හැවිරිදි මෙම යුරෝපීය ජාතික ආසාදිත පුද්ගලයා මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.

ආසාධිත මෙම ප්‍රභේදය තහවුරු කර ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ සිදු කරමින් සිටින අතර බලධාරීන් එය මේ දිනවල පැතිර යන Clade 1 ප්‍රභේදය බවට සැක පළ කර ඇත.

තායිලන්තය 2022 වසරේ සිට mpox Clade 2 රෝගීන් 800ක් හඳුනාගෙන ඇති නමුත් Clade 1 හෝ Clad 1b ප්‍රභේද ආසාධිතයින් මෙතෙක් වාර්තා වී නොමැත.

කොංගෝ , බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව යන ප්‍රදේශවල ජුලි මාසයේ සිට වසංගත රෝග වාර්තා වී ඇති අතර මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 600 ක්ට ආසන්න බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *