ශ්‍රිලනිපයේ වැඩ වලට ඇඟිලි ගහන්න චන්ද්‍රිකාට අයිතියක් නැහැ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සාමාජිකාවක් නොවන බවත් එබැවින් පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට හෝ අධිකරණයේ නඩු පැවරීමට බලයක් නොමැති බවට ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයේදී ලිඛිත ප්‍රකාශකයක් කරමින් පවසා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිරිසේන ශ්‍රීලනිප සභාපති ධූරය දැරීම වළක්වන අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් පැවති විභාගයකදී ඔහු වෙනුවෙන් පෙනිසිටිමින් නීතීඥවරයා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ මෙම තර්ක ඉදිරිපත් කළේය.

හිටපු ජනාධිපතිවරියගේ පෙත්සම 2022 දී සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව මත පදනම් වූවක් බවත්, එය දැනට අධිකරණය සහ මැතිවරණ කොමසාරිස්වරයා විසින් අත්හිටුවා ඇති බවත් ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයෙකු නොවන බැවින් පක්ෂයේ ප්‍රශ්නවලට මැදිහත් වීමට හිටපු ජනාධිපතිවරියට අයිතියක් නොමැති බවත් ඇයගේ පෙත්සම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ජුනි මස 19 වැනිදා දක්වා දීර්ඝ කළ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දුන්නේය.

මීට අමතරව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට එම ධුරවලින් ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ජූලි මස 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *