රනිල් ස්වාධීනව ජනාධිපතිවරණයට..!

කවුරු මොනවා කීවත් ඉදිරි මැතිවරණ නියමිත වේලාවට පවත්වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි.

අද බදාදා (12) කොලොන්නාවේදී පැවැති උත්සවයකදී අදහස් දක්වමින් සාගල රත්නායක කියා සිටියේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය නොකර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

එහිදී එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයාට සහය දෙන බව පවසන සෙසු පාර්ශවවලින්ද සහාය ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියේය ය.

මූලාශ්‍රය – english.newsfirst.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *